Homeසියලුම පුවත්ගම්පහ ඔස්මන්ඩ්ට දින 90ක රැඳවුම් නියෝගයක්

ගම්පහ ඔස්මන්ඩ්ට දින 90ක රැඳවුම් නියෝගයක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල ලබාදීම සහ ගිනිඅවි සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ ලෙස හඳුන්වන ඔස්මන්ඩ් ගුණසේකර නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් ලැබුණු තොරතුරු මත පසුගිය 13 වනදා රාත්‍රියේ ගම්පහ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශන අනුව, විදේශගත සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට සැකකරු සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ගිනි අවියක්, ජීව පතරොම් සහ පතරොම් ගැබ් කිහිපයක්ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments