Homeසියලුම පුවත්මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක්

මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය සහ වැසි තත්ත්වය වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මුලතිව් සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
එමෙන්ම කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 55ත් අතර දක්වා ඉහළ යා හැකි බවද නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments