තඹුත්තේගම ගබඩාවකින් රඹෑව ගොවිජන මධ්‍යස්ථානය වෙත ලබාදුන් බව කියන MOP පොහොර තොගයක සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
2019 වසරේ නිෂ්පාදිත බව සඳහන් වන මෙම පොහොර භාවිතයට සුදුසුද නැද්ද යන්න තීරණය කළ හැක්කේ පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව බව නිලධාරීන් සඳහන් කර ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් පිරිසක්, තමන්ට ලබාදී ඇති මෙම පොහොර ප්‍රමිතියෙන් තොර හෝ කල් ඉකුත් වූ තොගයක් විය හැකි බවට චෝදනා කර තිබුණි.
ඒ අනුව, අදාළ පොහොරවල තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර අවසන් වාර්තාව නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
තඹුත්තේගම පොහොර තොගයේ සාම්පල පරීක්ෂාවට

