Homeසියලුම පුවත්ගෙවුණු මාසයේ ඩෙංගු රෝගීන් 10,157ක්

ගෙවුණු මාසයේ ඩෙංගු රෝගීන් 10,157ක්

මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 95,493 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම කාලය තුළ ඩෙංගු මරණ 72ක් සිදුව ඇති අතර, මරණ අනුපාතය 0.076%ක් ලෙස සටහන් වී තිබේ.
වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී රෝගීන් 10,157ක් වාර්තා වී ඇත.
සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50,506 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් 13,886ක් සහ මධ්‍යම පළාතෙන් 8,710ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.31%කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,914ක් සහ මහනුවරින් 6,977ක් වාර්තා වී ඇත.
මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 50ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments