Wednesday, November 19, 2025
Homeදේශපාලනගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලා යයි

ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලා යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව ගොස් ඇති අතර AFP ජාත්‍යන්තර පුවත් සේවය පවසන්නේ ඔවුන් එම යානයෙන් මාලදිවයින කරා ගොස් ඇති බවකි.

ඉන්දීය රජය මෙසේ ඔවුන්ට ශ්‍රී ලංකාවෙන් පිටව යාම සඳහා මැදිහත්වෙමින් මාලදිවයින් රජයේ ද සහාය ඇතිව පහසුකම් සලසා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඔවුන්ගේ ගමනාන්තය තවමත් අනාවරණය වී නොමැති අතර බොහෝදුරට ඩුබායි රාජ්‍යය වියහැකි බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන්හමුදා ජෙට් යානයක් යොදාගනිමින් මෙරටින් පිටවී ඇති බව BBC ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments