පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලුණි.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය අගෝස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම තම සේවාදායකයා ඕනෑම විමර්ශනයකට සහය ලබාදීමට සූදානම් බවත්, විදේශගත වීමට කිසිදු සැලසුමක් නොමැති බවත් ඔහු අධිකරණය හමුවේ සඳහන් කළේය.
ගෝඨාභයගේ රිට් පෙත්සම අගෝස්තු 03 දක්වා කල්යයි

