Homeසියලුම පුවත්බොරතෙල් බැරලයක මිල යළි ඩොලර් 100 පසුකරයි

බොරතෙල් බැරලයක මිල යළි ඩොලර් 100 පසුකරයි

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට ඇති අවදානම ඉහළ යාමත් සමඟ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100.76 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 7.11%ක වර්ධනයකි.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 91.76ක් ලෙසත්, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.40ක් ලෙසත් සටහන් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ පසුගිය මැයි මාසයෙන් පසු පළමු වරට බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments