ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ, වියවුලෙන් පිරුණු ලෝකයක මිනිසුන් අතර පැවැතිය යුතු සහෝදරත්වය, බැඳීම සහ සමානාත්මතාව පිළිබඳ මහඟු ආදර්ශයක් හජ් උත්සවය මඟින් ලොවට ලබාදෙන බවයි.
ජාතිය, භේද සහ තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කිරීම, ලෝකයට එකමුතුකම සහ සහජීවනය පිළිබඳ පණිවිඩයක් ලබාදෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එමෙන්ම, සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ ආධ්‍යාත්මික වටිනාකම් සමාජයට තවදුරටත් සමීප කරගැනීමේ වැදගත්කමද ඔහු අවධාරණය කර තිබේ.
සියලු මුස්ලිම් ජනතාවට “ඊද් මුබාරක්” ප්‍රාර්ථනා කරමින්, ආධ්‍යාත්මික වටිනාකම් මත පදනම් වූ සංවර්ධිත සහ සහකම්පනශීලී සමාජයක් ගොඩනැගීමට එක්වන ලෙසද ජනාධිපතිවරයා ආරාධනා කර ඇත.
ජනපතිගෙන් හජ් දින සුබපැතුම් පණිවුඩයක්

