ජනාධිපතිතුමා කිව්වා ලසන්තව මරපු අය නීතිය ඉදිරියට ගේනවා කියලා! නීතිපති දෙපාර්තමේන්තුව ලසන්ත මරා දැමීමේ සැකකරුවන් තුන්දෙනෙක්ට තවදුරටත් නීති මගින් කටයුතු කරන්නේ නෑ… නිදහස් කර යවන්න කියලා CIDයට දැනුම් දීලා! මොකක්හරි වැරදීමක් වුණාද?
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News
පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසයි.
මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල අදහස් පල කරන අය සදහන් කර ඇත්තේ පසුගිය කාලයන්හි සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇති බවට වන සැකය තවත් තීව්‍ර වන බවයි.
මේ හා සම්බන්ධ තවත් තොරතුරු රැසක් අදාල ලේඛණද සහිතව සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.