Homeසියලුම පුවත්ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක්

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කිරීම ගැන නලින්දගෙන් පැහැදිලි කිරීමක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමක් ඇන්දවීම බන්ධනාගාර ආඥාපනතට අනුව සිදුකළ ක්‍රියාමාර්ගයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම අවස්ථාවේදී අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කර ඇති බවයි.

විවිධ වැරදි සම්බන්ධයෙන් මේ වනවිට භික්ෂූන් වහන්සේලා 63 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන්ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඥානසාර හිමියන් සම්බන්ධයෙන් පමණක් විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාවද අදහස් පළ කර තිබේ.

කෝට්ටේ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් නොකර එය පැළඳීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

එම ලිපියේ සඳහන් කර ඇත්තේ, ඥානසාර හිමියන් සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ ශාසනික හේතුවක් සම්බන්ධයෙන් සංඝ සභාවට වාර්තාවක් ලැබී නොමැති බවයි.

සිවුර සම්බන්ධයෙන් ශාසනික වශයෙන් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීම අදාළ සංඝ සභාවේ වගකීමක් බවද එහි සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments