Homeසියලුම පුවත්ඥානසාර හිමිට එරෙහි නඩුව පෙබරවාරි 25දා යළි කැඳවීමට නියෝග

ඥානසාර හිමිට එරෙහි නඩුව පෙබරවාරි 25දා යළි කැඳවීමට නියෝග

මාස නවයක සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුකරය පෙබරවාරි මස 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

උන්වහන්සේගේ නීතිඥවරයා සඳහන් කළේ, අදාළ සිරදඬුවමට එරෙහිව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එහි තීන්දුව ලැබෙන තෙක් දඬුවම ක්‍රියාත්මක කිරීම කල්තබන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉන් අනතුරුව නඩුකරය පෙබරවාරි 25 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments