අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අදාළ නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් නිකුත් කළ නියෝගයකට අනුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදුකර ඇත.
රෝහිත බෝගොල්ලාගම මහතා අද (07) පස්වරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ දූෂණ චෝදනාවකට අදාළව අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අවස්ථා කිහිපයකදී පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.

