Sunday, November 16, 2025
Homeදේශපාලනදේශපාලන පක්ෂ අද තීරණාත්මක සාකච්ඡාවල...

දේශපාලන පක්ෂ අද තීරණාත්මක සාකච්ඡාවල…

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද (24) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ එම රැස්වීම පැවැත්වෙන බවෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසුවේය.

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය පාර්ශව යළි නිදහස් පක්ෂයට එක් කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන අතර ඊට පක්ෂයේ විනය මණ්ඩල සාමාජිකයින් ද එක්වීමට නියමිතය.

තනතුරු ලබාගෙන ආණ්ඩුවට ලබාගෙන සම්බන්ධ වූ පිරිස් යළි එක් කර ගැනීම සඳහා එම සාකච්ඡාව පැවැත්වෙන අතර මීට පෙර පැවති සාකච්ඡා අසාර්ථක වුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments