Homeසියලුම පුවත්නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (22) පස්වරු 4.00 සිට හෙට (23) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න:
මහනුවර – පස්බාගේ කෝරළේ
නුවරඑළිය – අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න:
කොළඹ – පාදුක්ක
ගාල්ල – තවලම, නාගොඩ, නෙළුව
කළුතර – වලල්ලාවිට
මහනුවර – උඩපලාත, ගඟ ඉහළ කෝරළේ
කෑගල්ල – දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය – තලවකැලේ
රත්නපුර – රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න:
කොළඹ – සීතාවක
ගාල්ල – නියාගම, බද්දේගම
කෑගල්ල – වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
ගම්පහ – මීරිගම, අත්තනගල්ල
මහනුවර – පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල – අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර – කොටපොල, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර
රත්නපුර – කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට
කළුතර – අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය

RELATED ARTICLES

Most Popular

Recent Comments