දිස්ත්රික්ක තුනක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
එමෙන්ම කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ කෑගල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, වැලිගේපොළ, රත්නපුර සහ අයගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අදාළ ප්රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

