නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන තුනක් වෙළඳපොළට නිකුත් කිරීමට හැකියාව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.එමෙන්ම, සියලුම වාණිජ පාරිභෝගිකයන්ගේ අවශ්යතා සඳහා ද ගෑස් සැපයීම තුළින් සමස්ත වෙළඳපොළ ඉල්ලුම සපුරාලීමට සමාගමට හැකි වනු ඇති බව එහි විකුණුම්, අලෙවි සහ ආයතනික සබඳතා අධ්යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේය.සාමාන්යයෙන් මාසිකව ලිට්රෝ ගෑස් සඳහා මෙට්රික් ටොන් 32,000ක් පමණද, තරගකාරී සමාගම සඳහා මෙට්රික් ටොන් 6,000ක් පමණද අවශ්ය වන අතර, සමස්ත මාසික අවශ්යතාව මෙට්රික් ටොන් 38,000ක් පමණ වේ. කෙසේ වෙතත්, පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් නොවැම්බර් මාසය සඳහා මෙට්රික් ටොන් 44,000ක් ජියෝ ගෑස් ආයතනය හරහා ඇණවුම් කර ඇති අතර, එම ඇණවුම් තහවුරු කර තිබේ.මේ අතර, ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් ‘Goodwill’ නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. තවත් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් ‘Quarantine’ නෞකාව නොවැම්බර් 1 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත බවද ජනක පතිරත්න මහතා පැවසීය.ඒ අනුව, අද (31) පස්වරුව වන විට කොළඹ ප්රදේශයේ ගෑස් බෙදාහැරීම සාමාන්ය පරිදි සිදු කිරීමටත්, හෙට (01) දිනයේ සිට දිවයිනේ අනෙකුත් ප්රදේශවලද බෙදාහැරීම් යථා තත්ත්වයට පත් කිරීමටත් හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

