වටවල, ටෙම්පල්ස්ටෝ වතුයායේ පාසලක අද (17) උදෑසන ලබාදුන් ආහාරය අනුභව කිරීමෙන් පසු රෝගාතුර වූ ළමුන් 35 දෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.ආහාරය අනුභව කිරීමෙන් පසු වමනය, ක්ලාන්තය සහ පපුවේ වේදනාව ඇතිවීම හේතුවෙන් මෙම ළමුන් රෝහල්ගත කර ඇති බව රෝහල් වෛද්‍යවරයෙකු සඳහන් කර ඇත.උදෑසන ආහාරය සඳහා බත්, අල, බීට්රූට් ව්‍යංජනයක් සහ පලා වර්ගයක් ලබාදී තිබේ.මෙලෙස රෝගාතුර වී ඇත්තේ එම පාසලේ 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ළමුන් පිරිසකි.රෝහල්ගත කළ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව දිස්ත්‍රික් වෛද්‍යවරයා සඳහන් කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටිති.

