Sunday, November 16, 2025
Homeසියලුම පුවත්පොදුජන පෙරමුණේ බඹරකොටුව බලකොටුවත් සමගි ජන බලවේගයට

පොදුජන පෙරමුණේ බඹරකොටුව බලකොටුවත් සමගි ජන බලවේගයට

පැල්මඩුල්ල සීමාසහිත බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ ජයත් සමගි ජන බලවේගයට හිමිවිය.

අද දින බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් (7 න් 7 ම) සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත් විය.
මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවල බලකොටුවක් ලෙස පැවති මෙම බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.
මෙහිදී වැඩිම මනාපයෙන් බී.ජී. දිනපාල මහතා සභාපති ධූරයට තේරී පත් විය

RELATED ARTICLES

Most Popular

Recent Comments