Homeසියලුම පුවත්පොසොන් දන්සැල් 18,000 ඉක්මවයි - සෞඛ්‍ය අංශයෙන් විශේෂ උපදෙස්

පොසොන් දන්සැල් 18,000 ඉක්මවයි – සෞඛ්‍ය අංශයෙන් විශේෂ උපදෙස්

පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,412ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, අද (29) සහ හෙට (30) දිනයන්හි පැවැත්වෙන දන්සැල් මෙන්ම පොසොන් කලාප ආශ්‍රිත වෙළෙඳසැල් සහ තාවකාලික වෙළෙඳසැල්ද සෞඛ්‍ය පරීක්ෂාවට ලක් කරන බවයි.
දන්සැල්වල ආහාර හා පාන බෙදාහැරීමේදී ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කරන ලෙසත්, උණුසුම් හා සිසිල් ආහාර පොලිතින් බහාලුම්වල ගබඩා කිරීමෙන් වළකින ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම, ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් භාවිතයෙන් පසු ප්ලාස්ටික් හා අනෙකුත් අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන ලෙසද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments