Homeසියලුම පුවත්එකමුතුකම සහ මෛත්‍රිය රටට අද වඩාත් අවශ්‍යයි - විපක්ෂ නායක

එකමුතුකම සහ මෛත්‍රිය රටට අද වඩාත් අවශ්‍යයි – විපක්ෂ නායක

පොසොන් පොහොය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, මිනිසාගේ සිත, සමාජය සහ රාජ්‍යය යහපත් මඟකට යොමු කළ අධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මිහිඳු මහරහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර සිදු වූ ඓතිහාසික හමුවෙන් සමාජයක සැබෑ දියුණුව ගොඩනැගෙන්නේ බලය හෝ ධනය මත නොව, ප්‍රඥාව, සංවාදය සහ අවබෝධය මත බව ඉගැන්වෙන බවයි.
වත්මන් අභියෝගාත්මක වාතාවරණය හමුවේ රටට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකම බවද, වෛරය වෙනුවට මෛත්‍රියත් අසාධාරණය වෙනුවට යුක්තියත් සමාජයේ ස්ථාපිත කළ යුතු බවද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එමෙන්ම කරුණාව, දයාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය ජාතික ගමන්මඟේ මූලික වටිනාකම් බවට පත් කර ගනිමින්, සියලු ජනතාව එක්ව සාධාරණ හා සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට කැපවිය යුතු බවද ඔහු සිය පොසොන් පණිවිඩයෙන් සඳහන් කළේය

RELATED ARTICLES

Most Popular

Recent Comments