Homeසියලුම පුවත්දිවයිනේ ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු – සිව්දෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ රැසක මාරක රිය අනතුරු – සිව්දෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (29) සිදුවූ රිය අනතුරු හතරකින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාතලේ – කුරුණෑගල මාර්ගයේ කුඩාඔය පාලම අසලදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර, හෙට්ටිපොල – වස්ගමුව මාර්ගයේදී මොණරෙකුගේ ගැටීමෙන් පාලනයෙන් ඉවතට ගිය යතුරුපැදියක් ගසක වැදීමෙන් 18 හැවිරිදි තරුණයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර, පාදෙණිය – අනුරාධපුර මාර්ගයේදී ත්‍රිරෝද රථයක් අලුත්වැඩියා කරමින් තිබූ බස් රථයක් අසල සිටි පිරිසකගේ ගැටීමෙන් 65 හැවිරිදි බස් කොන්දොස්තරවරයෙකු මියගොස් තිබේ.
එමෙන්ම, පේරාදෙණිය – චෙන්කල්අඩි මාර්ගයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් 26 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments