බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය බව කියන සූදු පොළක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ ඒකකය අද (23) අලුයම සමත්ව තිබේ.
බණ්ඩාරවෙල පොලිස් විශේෂ ඒකකය ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
බණ්ඩාරවෙල එළවළු වෙළෙඳ මධ්‍යස්ථානයේ සූදු පොළක් වටලයි

