Tuesday, November 18, 2025
Homeක්‍රීඩාබලපෑම් කලොත් ලංකාවට සම්බාධක දමන බව දන්වයි

බලපෑම් කලොත් ලංකාවට සම්බාධක දමන බව දන්වයි

හෙට දින පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවට සම්බාධකවලට මුහුණ දීමට සිදු වනු ඇති බව එම සම්මේලනය දැනුම් දී ඇත.

කිසිදු තෙවැනි පාර්ශ්වයකට මැදිහත් වීමකින් තොරව ඔවුන්ගේ අනිසි බලපෑමකින් තොරව නිලවරණය පවත්වා අවසන් කිරීමට වගබලා ගත යුතු බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට පස්වරු තුනට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණය පැවැත්වෙයි.

සිව් වසරක කාලයක් සඳහා එහිදී පත්වන නව විධායක සභාව කටයුතු කිරීමට නියමිතය

RELATED ARTICLES

Most Popular

Recent Comments