Homeසියලුම පුවත්නේපාල-ටිබෙට් ඛේදවාචකයෙන් මියගිය ගණන 392 දක්වා ඉහළට – 1,400කට අධික පිරිසක් අතුරුදන්

නේපාල-ටිබෙට් ඛේදවාචකයෙන් මියගිය ගණන 392 දක්වා ඉහළට – 1,400කට අධික පිරිසක් අතුරුදන්

නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජලගැලීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 392 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවදුරටත් පුද්ගලයින් 1,400කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සඳහන් වේ.

අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ දැවැන්ත අයිස් සහ සුන්බුන් ප්‍රවාහයක් මෙම ආපදා තත්ත්වයට හේතුවී ඇති බවයි.

එම ප්‍රවාහයත් සමඟ විශාල මඩ සහිත ජල කඳක් නගර සහ ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර, නිවාස, පාලම් සහ වේලි රැසක් විනාශ වී ඇති බවද වාර්තා වේ. වාහන රැසක්ද ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබේ.

අතුරුදන්වූවන් අතර විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සිටින බව සඳහන් වන අතර, අතුරුදන්වූ විදේශිකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් බව වාර්තා වේ.

මේ අතර, අමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත්තේ තම පුරවැසියන් 90 දෙනෙකු සමඟ සම්බන්ධතා බිඳ වැටී ඇති බවයි.

නේපාල පොලිසිය මේ වනවිට මළ සිරුරු 389ක් සොයාගෙන ඇති අතර, තවත් පුද්ගලයින් 910 දෙනෙකු සම්බන්ධ කරගත නොහැකි වී ඇති බව සඳහන් කර තිබේ.

එම පිරිස අතර විදේශීය සංචාරකයින් 517 දෙනෙකු සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments