Homeසියලුම පුවත්රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක්

රුමේෂ් තරංගගෙන් තවත් සුපිරි දක්ෂතාවක්

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරණ ස්විට්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් සූරිච් අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයගැනීමට සමත්ව තිබේ.

අද (28) අලුයම අවසන් වූ තරගයේදී රුමේෂ් මීටර් 92.07ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගත්තේය. එය ඔහුගේ වෘත්තීය දිවියේ මීටර් 92 සීමාව ඉක්මවූ දෙවන අවස්ථාව ලෙස සටහන් වේ.

මෙම වසරේ ජුනි මාසයේ රෝම ඩයමන්ඩ් ලීග් අදියරේදී මීටර් 92.62ක දුරක් වාර්තා කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව සහ වසරේ හොඳම දක්ෂතාවද සටහන් කිරීමට රුමේෂ් සමත්විය.

සූරිච් තරගයේ දෙවන ස්ථානය මීටර් 86.93ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනාඩාහි හිටපු ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවූ අතර, පෝලන්තයේ ඩේවිඩ් වෙග්නර් මීටර් 85.16ක දක්ෂතාවක් සමඟ තෙවන ස්ථානයට පත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ඩයමන්ඩ් ලීග් තරගාවලියේ රුමේෂ්ගේ අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තවදුරටත් දීර්ඝ වී ඇති අතර, ඔහු මේ වනවිට තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකු බවට පත්ව ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments