Monday, September 23, 2024
Homeදේශීයමැයි 19 පොරොන්දුව ඉටුකරමින් මිලියන 15.6ක දුර්ලභ ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ (PHOTOS)

මැයි 19 පොරොන්දුව ඉටුකරමින් මිලියන 15.6ක දුර්ලභ ඖෂධ තොගයක් පරිත්‍යාග කෙරේ (PHOTOS)

“සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ සහ සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට ක්‍රියාත්මක කරනු ලැබන අතර හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase (IP 1500000IU) විශාල අඩුපාඩුවක් පවතින බව විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා විසින් දැනුම් දී තිබුණි.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ද 2022 මැයි 18 දින අවධානය යොමු කරනු ලැබීය.

අදාල ඖෂධ තොගය මේ රට තුළ හිඟ බවත් හැකිනම් “හුස්මක් වැඩසටහන” හරහා එම ඖෂධ ගෙන්වා දෙන ලෙසත් අගමැතිවරයා ද අභියෝග කරමින් ඉල්ලා සිටියේය.

මේ රටේ ජන ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා අතිමහත් වගකීමක් අප සතු අතර එය හැකි සෑම විටෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටිමු.

අදාළ ඖෂධ සොයා ගැනීම උදෙසා අප විසින් දරන ලද උත්සාහය මල්ඵල ගන්වමින් විපක්ෂ නායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් (ඩොලර් 42,840ක්) රුපියල් මිලියන 15.6ක් වටිනා Recombinant Streptokinase(IP 1500000IU) එන්නත් 4000ක් විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා වෙත අද පරිත්‍යාග කරනු ලැබීය.

Recombinant Streptokinase යනු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙන හෘද රෝගීන්ගේ ජීවිත සුරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.

ජීවිතය ජීවත් කරවීම උදෙසා අරගල කරනු ලබන ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments