Homeසියලුම පුවත්මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1කින් ඉහළ ගිය බවට කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1කින් ඉහළ ගිය බවට කීර්ති තෙන්නකෝන්ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (M2b) පසුගිය මාස 15ක කාලය තුළ රුපියල් ට්‍රිලියන 2.1කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කළ සතිපතා ආර්ථික දර්ශක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කර ඇති බවද එහි දැක්වේ.
නිවේදනයට අනුව, 2025 ජනවාරි මාසයේදී රුපියල් බිලියන 14,439.1ක් වූ පුළුල් මුදල් සැපයුම 2026 මාර්තු වනවිට රුපියල් බිලියන 16,585.7ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව පසුගිය මාස 15 තුළ රුපියල් බිලියන 2,146.1ක පමණ වැඩිවීමක් වාර්තා වී ඇති අතර, සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments