Homeසියලුම පුවත්රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

රත්‍රං දෙන බව පවසා කෝටි ගණනක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

රත්‍රං කිලෝ පහක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800කට අධික මුදලක් ලබාගෙන වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහාද ඔහු ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments