Wednesday, November 19, 2025
Homeදේශපාලනරනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමේ පෙරළයිද?

රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමේ පෙරළයිද?

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් 50 ක දුරක් යන තුරු කිසිදු පුද්ගලයෙකු හට එම ස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙහිදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලීසියෙන් විමසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සහ බණ්ඩාරනායක පිළිරුව අතර ඇති සම්බන්ධය කුමක්ද යන්නයි.

එමෙන්ම වෙනත් කිසිදු පිළිරුවක් පෙරළා දමනවිට නොගන්නා ලද උසාවි නියෝග බණ්ඩාරනායක පිළිරුවට පමණක් ඉල්ලා සිටින්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා විමසා තිබෙනවා.

ඒ අනුව මීට නියෝගයක් ලබාදීම සඳහා නඩුව මේ වන විට කල් තබා ඇති බව අපගේ අධිකරණ වාර්තාකරු සදහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments