Monday, October 7, 2024
Homeසියලුම පුවත්රනිල් පොහොට්ටු අවකෙළියෙන් අවුරුදු 5 අඩු දරුවන්ගේ ජීවිත අහිමි වේ

රනිල් පොහොට්ටු අවකෙළියෙන් අවුරුදු 5 අඩු දරුවන්ගේ ජීවිත අහිමි වේ

රටේ ආර්ථිකය බංකොලොත්භාවයෙන් ගොඩ ගනිමින් සිටින බව රනිල් පොහොට්ටු හවුල් පාලනය පුන පුනා ප්‍රචාරය කළ ද, ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිවිපාකවලට වයස අවුරුදු 5ට අඩු දරුවන් පවා බිලිවන බව හෙළිවී තිබේ.

මේ පිළිබඳව අද පුවත් වෙබ් අඩවිය පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් උපුටා ගෙන පහත දැක්වේ.

අවු.05 ට අඩු දරුවන්ගේ මරණ ප්‍රතිශතය ඉහළයි
වයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

ඒ සම්බන්ධව නිකුත් කර ඇති නවතම විගණන වාර්තාව අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිරසර දර්ශකයට අනුව වයස අවු.05 ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 2030 වර්ෂය වන විට සජීවී දරු උපත් දහසකට හතක් වැනි අගයකට පවත්වා ගැනීමට ඉලක්ක කර තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට දහසකට 10.5 ක්ව පැවති එම අගය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට 12.3 ක් අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී තිබුණු බව ද එම විගණනය මගින් අනාවරණය කොට තිබේ.

එමෙන් ම මාතෘ මරණ අනුපාතය ද සජීවී උපත් ලක්ෂයකට 29.5 වැනි අගයක් දක්වා ද (මාසයට අඩු ළමයින්) මරණ අනුපාතය සජීවී උපත් දහසකට 6.8 ක් දක්වා ද අහිතකර ලෙස වර්ධනය වෙමින් තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments