Homeසියලුම පුවත්රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීමට නව කොමිෂන් සභාවක්

රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීමට නව කොමිෂන් සභාවක්

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් පිහිටුවන ලද රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කටයුතු අද (04) ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2026 අයවැය යෝජනාවකට අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර, රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා, විශ්‍රාම වැටුප් ගැටලු සහ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම එහි ප්‍රධාන වගකීම වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීම සඳහා වසර 20කට පසු මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවන බවත්, විශ්‍රාමිකයන් වෙනුවෙන් මෙවැනි කොමිෂන් සභාවක් ස්ථාපිත කළ පළමු අවස්ථාව මෙය බවත්ය.

එමෙන්ම, සමස්ත රාජ්‍ය සේවයටම සාධාරණ සහ විද්‍යාත්මක වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා මෙම කොමිෂන් සභාව වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments