අද (10) දිනයට ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය යෙදී තිබේ. සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනයේ මෙම විශේෂ දිනය ලොව පුරා සමරනු ලබයි.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස ඇනා ජාවිස් හඳුන්වනු ලබන අතර, ඇය තම මව වූ ඈන් රීවිස් ජාවිස් සිහිපත් කරමින් මෙම දිනය ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි දෙවන ඉරිදා දිනය මව්වරුන්ගේ දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි.
උපන් දා සිට දරුවන් වෙනුවෙන් කැපවෙන මව්වරුන්ගේ ආදරය, කැපවීම සහ සෙනෙහස සිහිපත් කරමින් අද දිනය ලොව පුරා සමරනු ලබයි.
ලෝක මව්වරුන්ගේ දිනය අදයි

