පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන බලධාරීන් සඳහන් කරයි.
ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය හෙට (11) සහ අනිද්දා (12) දිනයන්හිද වසා තැබීමට පියවර ගෙන තිබේ.
සිසුන් අතර රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
උණ රෝගී තත්ත්වය හේතුවෙන් දෙනියායේ පාසල් 4ක් තවදුරටත් වැසේ

