Tuesday, November 18, 2025
Homeදේශපාලනවගා හානි වන්දි ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් - මහින්ද අමරවීර

වගා හානි වන්දි ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් – මහින්ද අමරවීර

වගා හානි වන්දි ලබාදීමට අදාළව අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා සඳහන් කළේ, අද හෝ ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

නියඟය , වර්ෂාව සහ සේනා දළඹු හානිය හේතුවෙන් වී වගා බිම් අක්කර හැට අට දහසකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

ඉන් බලපෑමට ලක්ව ඇති ගොවීන් සංඛ්‍යාව, 70,188 කි.

ලොකු ලූණු, මිරිස්, බඩඉරිඟු සහ සෝයා බෝංචි වගා කළ ගොවීන් 409 දෙනෙකුට මේ හේතුවෙන් බලපෑම් එල්ලවී තිබේ.

හානි වී ඇති වගා බිම් ප්‍රමාණය, අක්කර 461කට අධිකයි. 

RELATED ARTICLES

Most Popular

Recent Comments