වරෙන්තු නිකුත් කර තිබූ යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (27) නීතිඥවරයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව ඔහුට අද දිනයේ ඇප ලබාදී ඇති අතර, අදාළ නඩුව ඔක්තෝබර් 09 වනදා යළි කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.
පසුගිය 24 වනදා කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් අර්ච්චුනා මහතාට වරෙන්තුවක් නිකුත් කර තිබුණේ, ඔහුට එරෙහිව විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. එම අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන් ද අධිකරණයේ පෙනී නොසිටි බව සඳහන් වෙයි.
කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

