Homeසියලුම පුවත්ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර විශේෂ හමුවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ක්‍රිකට් ක්ෂේත්‍රයේ දියුණුව සඳහා රජයට ලබාදිය හැකි සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව වාර්තා වෙයි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ඇතුළු කමිටු සාමාජිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments