දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙමින් තිබේ.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ, මෙම සාකච්ඡාවේදී කාවඩි නර්තනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.
මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ව සිටියහ.

