අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශවලින් අනතුරුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව බොරතෙල් මිල ගණන් 8%කින් පමණ පහළ ගොස් ඇති අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.21%කින් අඩුවී අමෙරිකානු ඩොලර් 81.98ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 9.31%කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල අමෙරිකානු ඩොලර් 87.77ක් ලෙස වාර්තා වෙයි.

