Homeසියලුම පුවත්වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි

වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
මෙය මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර, ඉලෙක්ට්‍රොනික වේදිකා ඔස්සේ සපයන සේවා සඳහාද ජූලි මාසයේ සිට වැට් බදු අය කිරීමට නියමිතය.
එමෙන්ම, මූල්‍ය සේවා සඳහා අය කරන වැට් බදු ප්‍රතිශතය 18% සිට 20.5% දක්වා ඉහළ දැමීමටද යෝජනා කර තිබේ.
ඩිජිටල් සේවා සපයන්නන් සඳහා බදු ලියාපදිංචි කිරීම සහ ගෙවීම් ක්‍රමවේදයන් සකස් කිරීමටද මෙම සංශෝධන යටතේ පියවර ගෙන ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments