ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ, 2026 අප්‍රේල් මාසයේදී විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවූ විදේශ විනිමය ප්‍රේෂණ 19%කින් ඉහළ ගොස් ඇති බවයි.
එම මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 767කට අධික ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් බවද සඳහන් වේ.
විදේශ රැකියා අවස්ථා වැඩිවීම සහ නව රටවල් සමඟ ඇති කරගත් ගිවිසුම් මෙම වර්ධනයට හේතු වී ඇති බවද වාර්තා වෙයි
විදේශ ප්‍රේෂණ 19%කින් ඉහළට

