හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (12) උදෑසන අභියාචනාධිකරණයට පැමිණ තිබේ.අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලීමට නියමිතය.එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස විමල් වීරවංශ මහතා නම් කර තිබේ.අදාළ නඩු කටයුත්තේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් අද කරුණු දැක්වීමට නියමිතව ඇත.ඒ අනුව එම නඩු කටයුතු සඳහා හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයට පැමිණ තිබේ.

