Sunday, January 25, 2026
Homeදේශීයසංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් 2025දී ඩොලර් බිලියන 11ක ආදායමක්

සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් 2025දී ඩොලර් බිලියන 11ක ආදායමක්

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍ර හරහා 2025 වසර තුළ අමෙරිකානු ඩොලර් බිලියන 11ක සමස්ත ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු මුදල් ප්‍රේෂණ හරහා ඩොලර් බිලියන 7කට අධික ආදායමක් උපයා ඇති අතර, සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 3.2ක ආදායමක් ලැබී ඇති බවයි.

අද (05) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා අදහස් පළ කළේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ බලපෑම් සැලකිල්ලට ගනිමින් විදේශ රටවල්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් මේ වන විට පරිත්‍යාග ලෙස රුපියල් බිලියන 85කට ආසන්න මුදලක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments