මිල ප්රදර්ශනය නොකළ වෙළෙඳ ආයතන සොයා දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ක්රියාත්මක කර තිබේ.පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා සිදුකළ මෙම වැටලීම්වලදී පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් 200කට ආසන්න සංඛ්යාවක් හඳුනාගෙන ඇත.භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල පැහැදිලිව දැනගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම සහ වෙළෙඳපොළ තුළ සාධාරණ මිල ක්රමයක් පවත්වාගෙන යාම මෙම වැටලීම්වල ප්රධාන අරමුණ වී තිබේ.සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ සහ ජංගම දුරකථන උපාංග අලෙවි කරන වෙළෙඳසැල් ද මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇත.ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මහනුවර ඇතුළු දිස්ත්රික්ක රැසක මෙම මෙහෙයුම් ක්රියාත්මක කර තිබේ.හඳුනාගත් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග ගැනීමට දින නියම කර ඇත.එමෙන්ම තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළ තොග තත්ත්වය සහ භාණ්ඩවල මිල ප්රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන සිදුකර තිබේ.

