Homeසියලුම පුවත්ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට ලිට්‍රෝ සූදානම්

ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට ලිට්‍රෝ සූදානම්

ගෑස් බෙදාහැරීමේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් එළැඹෙන 27 වැනිදා වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් දිවයින පුරා බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
වෙළෙඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව පසුගිය 22 වැනිදා මෙරටට ළඟා වූ නෞකාවට අමතරව, ඊයේ (24) දිනයේදී ද GOODWILL නෞකාව මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් මෙරටට රැගෙන ආ බව සමාගම සඳහන් කරයි.
තවද හෙට (26) දිනයේදී තවත් ගෑස් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත්, ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 7ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බවත් ලිට්‍රෝ සමාගම නිවේදනය කර ඇත.
පසුගිය 22 වැනිදා මෙරටට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවෙන් ලබාගත් ගෑස් සිලින්ඩර 350,000ක් පසුගිය 23 සහ 24 යන දිනවල මෙන්ම අද (25) දිනයේදී ද අඛණ්ඩව බෙදා හැරීමට කටයුතු කර ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව කිසිදු හිඟයකින් තොරව සපුරා ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments