රුසියාව විසින් සඳ වෙත යවන ලද මිනිසුන් රහිත ලූනා-25 අභ්‍යවකාශ යානය සඳ මතට කඩා වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සඳ මත ගොඩබෑමට පෙර ඒ සඳහා යානය සූදානම් වීමේදී ඇති වූ දෝෂ හේතුවෙන් යානය චන්ද්‍ර පෘෂ්ඨය මතට කඩා වැටී ඇති බව ය.
1976 වසරේ දියත් කළ ලූනාර්-24 මෙහෙයුමෙන් වසර 50කට පමණ පසු රුසියාව විසින් දියත් කරන ලද පළමු සඳ මෙහෙයුම මෙය වෙයි.
එරට වේලාවෙන් ඊයේ (අගෝ. 19) පස්වරු 2:57ට පමණ පසු යානය සමග පවැති සබන්ධතා ගිලිහී ගිය බව රුසියානු අභ්‍යවකාශ සංස්ථාව වන රොස්කොස්මොස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
හෙට හෝ අනිද්දා එය සඳ මතුපිටට අරක්ෂිතව ගොඩබසිනු ඇති බවට අපේක්ෂා කෙරිණි.
ඔවුන් සඳහන් කර ඇත්තේ, චන්ද්‍ර පෘෂ්ඨය මත ගැටීමෙන් පසු යානය විනාශ වී ගිය බව ය.
මීට පෙර කිසිදු රටක් ඇතුළු නොවූ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීමේ අරමුණින් ලූනා-25 අගෝ. 11 වන දින රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සිට අභ්‍යවකාශගත කර තිබිණි.
සඳෙහි ජලය ඇති බවට විද්‍යාඥයන් විසින් උපකල්පනය කරනු ලබන ප්‍රදේශ පිළිබඳ දත්ත සහ තොරතුරු ලබා ගැනීම එහි අරමුණ විය.
ඉන්දියාව ද සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ගවේෂණය කිරීම සඳහා චන්ද්‍රයාන්-3 යානය අභ්‍යවකාශගත කර තිබුණේ ජූලි මස 14 වන දා ය.
ඒ අනුව, එම යානය එළඹෙන සතියේ, එනම් අගෝ. 23 සඳ මතට ගොඩබෑමට සැලසුම් කර ඇත