Homeසියලුම පුවත්සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි

සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලීසිය අධිකරණයට කරුණු දක්වයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CID) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව, එම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාව සැප්තැම්බර් 24 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

විමර්ශන කටයුතු සඳහා CIDය ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකටද අධිකරණයේ අවසර හිමිව ඇති අතර, ඒ අනුව ඉදිරි විමර්ශන සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කරයි.

මේ අතර, සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ බව කියන ප්‍රකාශයට අදාළ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලීසියට ලබාදෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා මාධ්‍ය ආයතන 6කටද නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments