Homeසියලුම පුවත්“සැමට ප්‍රමාණවත් නිවාස” තේමාවෙන් ලෝක ජනාවාස දිනය අද

“සැමට ප්‍රමාණවත් නිවාස” තේමාවෙන් ලෝක ජනාවාස දිනය අද

ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ.

මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වී ඇත්තේ “සැමට ප්‍රමාණවත් නිවාස” යන්නයි.

ගෝලීය නිවාස අර්බුදය මෙන්ම අවතැන් වූ ජනතාව, අඩු ආදායම්ලාභීන් සහ නිවාස නොමැති පුද්ගලයන් සඳහා සුරක්ෂිත වාසස්ථාන ලබාදීමේ අවශ්‍යතාව මෙවර තේමාව මගින් අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත් වන අතර, නිශ්චිත වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවයි.

මේ අතර, ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments