Monday, November 17, 2025
Homeසියලුම පුවත්සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

සිරිපා වන්දනාවේ යන අයට එන්නත් කාඩ්පත අනිවාර්යයි

සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය  සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි   පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත.

එමෙන්ම  සියලු බැතිමතුන්  සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුව ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්මයා යුතු බවද ඇය සඳහන් කළාය.

සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ  ලබන වසරේ මැයි මස 16 සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments