Homeසියලුම පුවත්සුරේෂ් සලේ අධිකරණයට

සුරේෂ් සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, අදාළ නඩුව අද දහවල් කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට සම්බන්ධව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.ඉන් අනතුරුව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකරන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments