ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කරන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ තරුණියන් තිදෙනෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීමට අදාළව යතුරුපැදිය සහ සැකකාරියන් තිදෙනා හඳුනා ගැනීමට පොලීසියට හැකිවී ඇති අතර, බුත්තල පොලීසිය විසින් යතුරුපැදිය ධාවනය කළ තරුණිය සහ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව, අදාළ යතුරුපැදියේ හිමිකාරියටද නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.
සැකකාරියන් හිදිකිවුල, උනාවටුන සහ මොනරාගල ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර, යතුරුපැදිය ධාවනය කළ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (11) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙල්මට් නොමැතිව යතුරුපැදිය ධාවනය කළ වීඩියෝව සම්බන්ධයෙන් තරුණියන් අත්අඩංගුවට

